- කොළඹ, ගාල්ල, කුරුණෑගල තේරීම් තරඟාවලි මේ සති අන්තයේ
- මහනුවරින් කණ්ඩායම් 6 ක් සුදුසුකම් ලබයි
මහනුවරින් පැවති තේරීම් තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් 13 ක් අතරින් 1 වන ස්ථානය 64 Squares චෙස් සමාජය දිනා ගත් අතර, 2 වන ස්ථානය Hill Country චෙස් සමාජය ද, 3 ස්ථානය Pera Knights චෙස් සමාජය විසින්ද දිනා ගන්නා ලදි.
කාන්තා අංශයේ කණ්ඩායම් 16 ක් අතරින් 1 වන ස්ථානය Pera Queens චෙස් සමාජය දිනා ගත් අතර, 2 වන ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලීය A කණ්ඩායම ද, 3 ස්ථානය කෑගල්ල චෙස් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදි.මෙම සියළු කණ්ඩායම් අවසාන තරඟාවලි සඳහා සුදුසුකම් ලබයි.