ඉතාලියේ පැවැත්වෙන Festival Scacchistico Internazionale di Imperia චෙස් තරගාවලියේදී මෝස් සංඥා සහ කැමරාවක් භාවිතා කරමින් වංචා කිරීම හේතුවෙන් 37 හැවිරිදි අර්කැන්ජලෝ රිචාර්දි ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඇගයුම් ලකුණු 1829 හිමි ඔහු තරඟා වට 7 ක දී ලකුණු 6 ක් ලබා ගැනීම සහ ඔහු අසාමාන්‍ය ලෙස ඇසි පිල්ලම් ගැසීම සහ ඉකිළියේ අතක් තබාගෙන සිටීමද විනිශ්චකරුවන්ගේ අවධානයට සහ සැකයට හේතුවූ බැවින් ඔහුට සිය කමිසය විවෘත කරන ලෙස ඉල්ලීමක් කරන ලදි. ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බැවින් සිරුරේ ලෝහ ඇත්දයි පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා උපකරණයක්
( metal detector) හරහා ගමන් කරන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉන් අනතුරුව බෙල්ලේ පැළඳ සිටි මාලයේ පෙන්ඩනයේ කුඩා කැමරාවක් සවි කර ඇති බව හඳුනාගෙන ඇති අතර එය ඉකිළිය යට ඇති කුඩා පෙට්ටියකට සම්බන්ධ කර ඇති බව හඳුනාගෙන තිබේ.
මෙහිදී ඔහු සිදු කර ඇත්තේ වෙනත් ස්ථානයක සිට පරිගණකයක් භාවිත කරමින් සිටින පුද්ගලයෙකුට කැමරාව හරහා තරග තොරතුරු ලබාදෙමින් පරිගණක වැඩටහනක් ආධාරයෙන් ක්‍රීඩාවේ ඊළග පියවර ලබගැනීමයි. එහිදී අදාළ පියවර ඔහු වෙත යොමු කර ඇත්තේ මෝස් සංඥා ආධාරයෙනි.
මේ වසරේ අන්තර්ජාතික චෙස් පිටියේ වාර්තාවුනු තුන් වන සිදුවීම මෙය වන අතර ජෝර්ජියානු මහ ඇඳුරුවරයෙක් ඩුබායි තරඟාවලියකදී සහ නව දිල්ලියේදි ඉන්දියානු ක්‍රීඩකයකු විසින් සිදු කල වංචාවන් මෙයට පෙර වූ සිදුවීම් වේ.
මේ අනුව රැල්ලක් ලෙස වර්ධනය වෙමින් පවතින තාක්ෂණය යොදාගෙන චෙස් ක්‍රීඩාවේදී සිදු වෙමින් පවතින වංචාකාරී ක්‍රියා නැවැත්වීම සඳහා චෙස් ක්‍රීඩා බලධාරීන්, සැලසුම් සකස් කිරීම සහ නිතී ගෙන ඒමට වැඩි අවදානයක් යොමු කිරීමට කාලය එළඹ ඇත.