(අනුවාදකගේ සටහන: මෙම ලිපියේ පළවන කොටස සහ දෙවන කොටස ඔබ පරිශීලනය කර නොමැති නම් එය මුලින්ම පරිශීලනය කිරීම වඩාත් සුදුසු වේ. එමෙන්ම චෙස් පුවරුවක් ඔබ අසල තබා ගෙන මෙහි දැක්වෙන තරඟ පුවරුව මත අදිමින් මෙම ලිපිය කියවීම වඩා ප්රතිපලදායකය. )
ප්‍රබල ක්රිඩකයෙකුට එරෙහිව
ඉහතින් දැක්වූ සියළු උදාහරණ වලදී ක්‍රිඩකයන් පරාජයට පත්වුවේ දුර්වලතාවයන් (තරඟයේ) නොසලකා හැරීම හේතුවෙනි. බොහෝ චෙස් ක්‍රිඩකයින් තරඟ ජය ගන්නේ මෙම ආකාරයටය, නමුත් ඒ ආධුනික ක්‍රිඩකයින් සහ ජයග්‍රහණයට උවමනාවක් නැති ක්‍රිඩකයින් සමඟ පමණි. තරඟය කෙරෙහි මනා අවදානයක් යොදන සහ මෙම අදහස් හඳුනන ක්රිඩකයෙකුට එදිරිව මේ කොටුවල දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත හැකි ද? ඔව්. ඒ සඳහා ගැඹුරින් කල්පනා කල යුතු සේම තවත් බොහෝ කටයුතු සිදුකල යුතුය.
මුලින්ම ඔබගේ සියළුම ඉත්තන් ඒකරාශී කරන්න.ඒ අතරතුර ඉත්තන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු කපා ගැනීමට උත්සහ කරන්න. ඉන්පසු දුර්වල ස්ථානයන්ට එරෙහි ප්රහාරයන් එක්රැස් කරන අතරම අනෙකුත් ඉලක්කයන් වෙත තර්ජනයන් එල්ල කරන්න. මෙවැනි ද්විත්ව ප්රහාරයන් චෙස් ක්‍රිඩාවේ ඉහල තලයේ තරඟවල ලක්ෂණයක් ලෙස දැක්විය හැක.
වේගයෙන් පහරදීමට උත්සහ කිරීම විනෝදජනක විය හැකි නමුත් එය නරක පුරුද්දක් විය හැක. කරුණාකර වටහා ගන්න ඉහලින් දැක්වු තරඟ කිහිපයේදී ජයග්‍රාහකයා ප්‍රතිවාදී ක්‍රිඩකයාගේ දුර්වල ඇදීම් වලින් ජයග්‍රහණයට මඟ සලසාගත් බව.මෙම අදහස සහිත ඇදීම් වලදී ඔබට යම් වාසියක් ලබාගත හැක්කේ ප්‍රතිවාදී ක්‍රිඩකයා ඔබගේ සැලසුම නොදනී නම් සහ චෙස් ක්‍රීඩාවේ වැරදි පුරුදු ඇත්නම් පමණී. කුඩා කලදි ඉගෙන ගත් වැරදි පුරුදු මැදි වයස දක්වා ගෙන ආ මම වැනි සුළු ක්‍රීඩකයන්ට (Patzer) ඒවා නිවැරදි කර ගැනීමට වසර ගණනක් ගතවිය හැක. ආරම්භයේ සිට හොඳ පුරුදු තිබීම මහන්සි වී වැඩ කිරීමට පහසුවක් වෙනවා. ආධුනික චෙස් ක්‍රිඩකයන්ගේ වැරදි පුරුදු ඇතිකර ගැනීම අධෛර්යමත් කිරීම සඳහා සමහර චෙස් පුහුණුකරුවන් විශේෂ නීතියක් බාවිතා කරනවා. ඔවුන් ශිෂ්‍යයන් අතර තරඟ පැවැත් වීමේදී ඇදීම හතරකින් ජය ගැනීම, (four moves checkmate) පරාජයක් ලෙස ගණනය කරනවා. එම පුහුණුව රළු මෙන්ම අසාධාරණ වන බවට ද පෙනී යා හැක. කෙසේ වෙතත් එය උදවු වෙනවා ප්‍රබල ක්රිඩකයෙකුට එරෙහිව තරඟ වැදීම සඳහා දරුවන්ට උපාය මාර්ග ඉගෙන ගැනීමට.
මීලඟ තරඟයේදී ඉක්මන් තරඟ අවසානයක් (Checkmate) නොමැත. ඒ වෙනුවට කළු ක්‍රිඩකයා උත්සහ කරන්නේ සුදු ඉත්තන්ගේ වර්ධනය බාධා කිරීමට සහ f2 කොටුවට පීඩනයක් යෙදීම සඳහායි. සුදු ඉත්තන් කෙසේ හෝ වර්ධනය කලත් එක් පොන් කෙනෙකු අහිමිකර ගැනීමට සිදුවෙනවා. පසුව සුදු ක්‍රිඩකයා f7 කොටුවට පීඩනයක් එල්ල කර පරාජය වීමට යන තරඟය බේරගෙන ඉත්තන් සංයෝජනය සමඟින් අනිවාර්ය ජය පරාජයෙන් තොර අවසානයක් කරා ගෙන යනවා.
මම සුදු ක්‍රීඩකයා ලෙස, මට වඩා ශ්‍රේණිගත කිරීම් ලකුණු 300 පමණ වැඩි ‘කේත්’ නැමැති ක්‍රීඩකයා සමඟ ක්‍රීඩා කල තරඟය අවසානයේදී ඔහු ප්‍රකාශ කලේ කිංග්ස් ගැම්බිට් (Kings Gambit) ප්‍රවේශනය ක්‍රීඩා කර ජය නොගත් එකම තරඟය එය බවයි.
1. e4 e5
2. f4
(මෙම ඇදීමත් සමඟ තරඟය කිංග්ස් ගැම්බිට් ප්‍රවේශනය ලෙස නම් වෙනව. මෙය බර්ඩ්ස් ප්‍රවේශනය හා සමාන අවදානම් සහිත ආරම්භයක් වේ.)
2. ---- Bc4
(කළු f2 කොටුවට පීඩනයක් එල්ල කරනවා. සුදු පිල රජුගේ ආරක්ෂාව සඳහා කාසල් කිරීමේ උත්සාහය ප්‍රමාද කිරීම මෙහි ප්‍රධාන වාසිය යි.)
3. Nf3 d6
4. Bc4
(කිංග්ස් ගැම්බිට් ප්‍රවේශනය දී සුදු පිලේ අදහස මුල සිටම f7 කොටුව සඳහා පීඩනයක් එල්ල කිරීමයි)
4. ---- Nf6
5. Nc3 0-0
6. d4 ?
(මෙය පරිණත ඇදීමක් නොවේ. අනුපිළිවෙලෙහි තත්වය මත සුදුට පොන් ඉත්තෙකි අහිමි වෙනව)
6. ---- e x d4
7. Nxd4 Nxe4
8. Nxe4 Re8
9. 0-0 Rxe4
10. c3 Nc6
11. Bd5 Bxd4 +
12. Kh1
(12. c x d4? Rxd4 වැරදියි. සුදුට තවත් පෝන් කෙනෙකු අහිමි වෙනව)
12. ---- Re8
13. c x d4 Qf6
14. Bd2
(14. Bxc6 වඩා හොඳ විය හැක)
14. ---- Qxd4
15. Qb3 Be6
16. Bxe6 fxe6
17. Bc3 Qb6
18. Qd1
(පෝන් දෙදෙනෙකු අහිමි බැවින් සුදු පිලට ක්වින් තරඟය තුල තබා ගැනීම වැදගත් වේ)
18. ---- Qc5
19. Rc1 Qf5
20. Qb3 Rab8
21. Rce1 Qf7
22. Rf3 d5
23. Qd1 Ne7
24. Qc2 Qf5
25. Qe2 Nc6 ( බලන්න හිස් වුනු f7 කොටුව කළු රජුව අනතුරකට ලක්වීමේ ඉඩ කඩ සකස් කිරීමේ පෙරමුණ ගන්නා ආකාරය. සුදු නැවත පෝන් දිනා ගැනීම සඳහා තර්ජනය කිරීමත් සමඟම චෙක් කිරීමත් සිදු කරනවා මෙන්ම විවෘත තීරුවෙහි රුක් දෙදෙනා ද්විත්ව කරනවා)
26. Qf2 Rbd2
27. Be5 Qf7
28. b3 d4
29. Rd1 Nxe5
30. fxe5 Qd7
අපි තීරණාත්මක පිහිටුමකට පැමිණ සිටිනව. මේ අවස්ථාවේදී මම තේරුම් ගත්ත d තිරුවෙහි සිටින එතෙර වූ පෝන් (Passed Pawn) ඉදිරියට ඒම මට වැලැක්විය නොහැකි බව. පසුව මම දුටුවා මාව බේරගන්නා ඉත්තන් සංකලනය.
31. Rf1! d3 (31. ---- Qe7!?)
32. Rf7 Qd4
33. Rxg7+ Kxg7
(කළු අනිවාර්යෙන් රුක්ව කපාගත යුතුය. 33. ---- Kh8 34.Qf6 Rf8 35.Rf7+ Kg8 36.Qg7#)
34. Qf6+ ජය පරාජයෙන් තොර අවසානයකට එකඟ වේ.
තරඟය මෙසේ ඉදිරියට ගෙන යාමට හැකි වුවත් 34. ---- Kg8 35.Qf7+ Kh8 36.Qf6+ Kg8 37.Qf7+ Kh8 38.Qf6+ ට පසු පුනරුක්තිය (Repetition) හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසාන් වේ.
තුන්වන කොටස නිමි!
(මෙය Wulebgr ගේ Elements of Chess Strategy: Exploiting the Weak f2/f7 Square ලෙස අන්තර්ජාලයේ පලවූ ලිපියෙහි සිංහල අනුවාදය යි. එම ඉංග්‍රීසි ලිපිය මෙතනින් බාගත කරගන්න. මුල් රචකයාගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. )
හතරවන කොටස මෙතනින් පිවිසෙන්න....

පරිවර්තනය : තමීර වික්‍රමතුංග
මහනුවර චෙස් පාසල, අංක 30, සම්බෝධි මාවත, මහනුවර.
070 33 63 120
[email protected]