2017 ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරඟාවලිය ඊයේ නිමාවට පත් වූවා. සාමාන්‍යයෙන් වසරේ මුල් වාරය තුලදී පැවැත්වෙන මෙම තරඟාවලිය මේ වසරේ මැද වාරය තෙක් අවසන් කිරීමට නොහැකි වීමත් ඇතුළු ගැටළු ගණනාවක් තරඟාවලිය පුරාම දක්නට ලැබුනා. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය වසර ආරම්භයේ තරඟාවලි කාලසටහනක් ප්‍රකාශයට පත් කරන අතර මෙම තරඟාවලියේ දින වෙනස් වීමත් සමඟ තරඟාවලි කාලසටහනෙහිද වෙනස්කම් සිදු කිරීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට සිදු වූවා. එමෙන්ම දිවයිනට බලපෑ ආපදා තත්වයන් මත දිස්ත්‍රීක් තේරීම් තරඟාවලි කිහිපයක් කල් දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් අවසාන තරඟාවලිය පැවැත්වෙන දින අවිනිශ්චිත වූවා. ජූනි මස 23 සහ 24 දිනයන් හි තරඟාවලිය පැවැත්වෙන බව කෙටි කාලයක් තුල දැනුම් දුන් අතර තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් සුදුසුකම් ලබන ආකාරය තරඟාවලිය ආරම්භවීමට පෙර දිනයේ දී වෙනස් කිරීමද දැඩි අන්දෝලනයට ලක්වූ කරුණක් වූවා. කෙසේ නමුත් මෙම වසරේ කණ්ඩායම් තරඟාවලිය හෝ වැඩි සංවිධානාත්මක බවකින් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය හැකි වේවා! යනු චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියළු දෙනාගේ පැතුම වේ.
තරඟාවලියේ ජයග්‍රහකයින් මෙතනින් බලන්න.
තරඟාවලියේ ජයග්‍රහකයින් මෙතනින් බලන්න.