අද නිමාවුන මෙම තරඟාවලියේ තරඟ වට 7 න් 6.5 ජයගත් චමින්ද ෆොන්සේකා ශූරතාවය හිමි කර ගත් අතර ඔහු හා සම ලකුණු ලබා ගත් ඩබ්ලිව්.එස්.වී.කේ.කොග්ගල හට අනු ශූරතාවය හිමි විය. ඔවුන් දෙදෙනා අතර පැවති තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉතිරි තරඟ සියල්ල ජය ගැනීමට මේ දෙපල සමත් විය. තරඟාවලියේ තුන්වන ස්ථානය වයි.ඩී.බී.මඩුගල්ල විසින් දිනා ගන්නා ලදි. ඒ ක්‍රීඩකයින් 4 දෙනෙකු සමඟ සම ලකුණු 5.5 ලබා ගනිමින්ය.
කණ්ඩායම් සංයෝජනයේ ප්‍රථම ස්ථානය මාස් හෝල්ඩින්ස් (MAS Holdings) දිනා ගත් අතර දෙවන ස්ථානය ඩයලොග් බී (Dialog B) කණ්ඩායම විසින් හිමි කර ගත්තේය. 3 වන ස්ථානය වර්චුසා සමාගම (Virtusa Pvt Ltd) ත්, 4 වන ස්ථානය හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank) ත්, 5 නව ස්ථානය 99එක්ස් ටෙක්නොලිජි (99X Technology) ත් දිනා ගනු ලැබූවා. සම්පූර්ණ ලකුණු සටහන www.chess-results.com |
4th Mercantile/ Government Services International Rating Chess Championships 2015
- තරඟ වට 5 ක් අවසන්. ප්‍රථම ස්ථානය මාස් හෝල්ඩින්ස් (MAS Holdings)
- කේවල ප්‍රථම ස්ථානයට ක්‍රීඩකයින් 6 දෙනෙකු.
කේවල අංශයේ පෙරමුණ චමින්ද ෆොන්සේකා (ලකුණු 4.5) හිමි කර ගෙන සිටින අතර ඩබ්ලිව්.එස්.වී.කේ. කොග්ගල, වයි.ඩී.බී.මඩුගල්ල, ටී.යූ.වික්‍රමනායක, සුනෙර සිල්වා සහ පී.එම්.ආර්.එල්.බණ්ඩාර යන ක්‍රීඩකයින් ඔහු හා සම ලකුණු ලබා සිටී. තරඟාවලියේ අවසාන දිනය වන අද (අගෝස්තු 2) තරඟ වට දෙකක් පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය සේවා අන්තර්ජාතික ඇගයුම් චෙස් තරඟාවලිය, 2015 (තරඟ වට 3 ක් අවසානයේ)
කොළඹ සිංහ සමාජ ක්‍රියාකාරි මධ්‍යස්ථානයේ දී ඊයේ දිනයේ දී ආරම්භ වුනු මෙම තරඟාවලියේ තරඟ වට තුනක් අවසානයේ පෙරමුණ ගැනීමට ක්‍රීඩකයින් 8 දෙනෙකු සමත් වී තිබේ. ඔවුන් තරඟ තුනම ජයගෙන ලකුණු 3 බැඟින් ලබා ගෙන සිටිනවා. කණ්ඩායම් සංයෝජනයට අනුව ප්‍රථම ස්ථානය මාස් හෝල්ඩින්ස් (MAS Holdings) හිමි කර ගෙන සිටින අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ මොබිටෙල් සමාගමටයි (Mobitel Pvt Ltd). තුන්වන ස්ථානයට නාගරික සංවර්ධන හා ජලප්‍රවාහන අමාත්‍යාංශය පත්ව ඇත.
මෙම තරඟාවලිය තරඟ වට 7 කින් සමන්විත වන අතර අගෝස්තු 02 දින අවසන් වීමට නියමිතයි. තරඟ වදින ක්‍රීඩකයින් 118 දෙනා අතරින් ඉහලම ඇගයුම් ලකුණු ප්‍රමානයක් හිමි ක්‍රීඩකයා ලෙස වාර්ථා වන්නේ ඩබ්ලිව්.එස්.වී.කේ. කොග්ගලයි (FIDE Rating- 2012).
මෙම තරඟාවලිය තරඟ වට 7 කින් සමන්විත වන අතර අගෝස්තු 02 දින අවසන් වීමට නියමිතයි. තරඟ වදින ක්‍රීඩකයින් 118 දෙනා අතරින් ඉහලම ඇගයුම් ලකුණු ප්‍රමානයක් හිමි ක්‍රීඩකයා ලෙස වාර්ථා වන්නේ ඩබ්ලිව්.එස්.වී.කේ. කොග්ගලයි (FIDE Rating- 2012).
4 වන වරට සංවිධානය කරන වෙළඳ සහ රාජ්‍ය
සේවා අන්තර්ජාතික ඇගයුම් චෙස් තරඟාවලිය, 2015 ජූලි 30 වෙනි දින සිට අගෝස්තු 02 දින
දක්වා කොළඔදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ සංවිධාන කටයුතු සිදු කරන්නේ ශ්‍රී
ලංකා චෙස් සම්මේලනයයි. තරඟ වට 7 කින් සමන්විත මෙම තරඟාවලියේ මුළු ත්‍යාග වටිනාකම රු.160,000/= කි. ප්‍රකාශ පත්‍රය සහ අයදුම්පත බාගත කරගන්න. Download