චෙස් උපායමාර්ගයන්හි මූලිකාංග
(අනුවාදකගේ සටහන: මෙම ලිපියේ පළවන කොටස ඔබ පරිශීලනය කර නොමැති නම් එය මුලින්ම පරිශීලනය කිරීම වඩාත් සුදුසු වේ. එමෙන්ම චෙස් පුවරුවක් ඔබ අසල තබා ගෙන මෙහි දැක්වෙන තරඟ පුවරුව මත අදිමින් මෙම ලිපිය කියවීම වඩා ප්රතිපලදායකය. )
සුදු පිල ඉක්මනින් ජයග්‍රහණය කිරීමට උත්සහ කරන තවත් තරඟයක් දෙසට හැරෙමු.
1. e4 e5
2. Bc4 ( දුර්වල f7 කොටුව ඉලක්ක කරමින්)
2. ---- Nc6
3. Qh5 g6 (මේට් වීම වලක්වන අතරම g7 කොටුවට
බිෂොප් ගෙන ඒම සඳහා ඉඩකඩ ලබා ගන්නව)
4. Qf3 (සුදු නොනවත්වා f7 කොටුවට පහර දීමට උත්සහ කරනව)
4. ---- Nf6
දැන් කළු පිල මේට් වීම වලක්වා ගෙන ඇති අතර බලවත් ආරක්ශන සැකැස්මක් සඳහා ආරම්භය ලබා ගෙන ඇත. (3 වන රූප සටහන බලන්න)
කළු ක්‍රීඩකයාට, සුදු ක්‍රීඩකයාගේ මෙම තර්ජනය දෙවන ඇදීමේදී ම වලක්වා ගැනීමේ හැකියාව තිබුණා. ඒ 1. e4 e5 2. Bc4 Nf6 ලෙස ඇදීමෙනි. මෙහිදී කළු ක්‍රීඩකයා ප්‍රවීනයන්ගේ අවවාදයක් වන “බිෂොප්වරුන්ට පෙර නයිට්වරු වර්ධනය කරන්න” යන උපදේශය අනුගමනය කර තිබේ.

අනුවනයාගේ මේට් වීම (Fool’s Mate) නමින් හඳුන්වන කෙටි තරඟය, f2 සහ f7 කොටුවේ දුර්වලතාවය පිළිබඳ අමතක නොවන පාඩමක් උගන්වනව. මෙම චෙක්මේට් (Checkmate) කිරීම සඳහා ඔබේ ප්රතිවාදියාගෙන් ගොඩක් උදවු අවශ්‍ය වෙනවා. එමෙන්ම ඔහු චෙස් තරඟ වලදී බලවත් වැරදි (Blunder) කරන ක්‍රීඩකයෙකු විය යුතුයි.
1. f4 ??
මෙය ආධුනිකයෙක් සඳහා දුර්වල ඇදීමකි. නමුත් සමහර ප්‍රවීනයන් මෙම ඇදීම සිදු කරනු ලබනව. මමත් සමහර අවස්ථාවන් වලදී මෙය අදිනව. එහෙම වුනත් මම ප්‍රවීනයෙක් නම් නෙවේ. 1873 දී ‘ජෝන් විස්කර්’ (John Wisker) එරෙහිව ‘හෙන්රි එඩ්වඩ් බර්ඩ්’ (Henry Edward Bird) විසින් මෙම ඇදීම සිදු කළ තරඟයෙන් පසු එය ‘බර්ඩ්ගේ ආරම්භය’ (Bird’s Opening) ලෙස නම් කරනු ලැබූවේය. ආකර්ශනීය තරඟයක් ගෙන ඒමට එයට පුළුවන් වීම හේතුවෙන් හෙන්රි එඩ්වඩ් බර්ඩ් එම ආරම්භයට ආසා කලා.
කෙසේ වෙතත් එය අවදානම්සහගතයි. මන්ද එම ඇදීමත් සමඟ f2 කෙටුව හරහා ඔබගේ කිං ප්‍රතිවාදීයාගේ ප්රහාරයන්ට නිරාවරණය වන බැවිනි. එමනිසා ඔබ, චෙස් මූලෝපායංහි දැනුම (Strategic knowledge) සහ උපක්රමයන්හි කුසලතාවයන් (Tactical skills) හොඳින් වර්ධනය කර ගන්නා තෙක් මෙම ආරම්භය භාවිතා කිරීමෙන් වලකින්න. කළු පිලේ ඇදීම
1. ---- d5
මෙම ඇදීම මඟින් කළු ක්‍රීඩකයා මධ්‍ය පාලනය ලබා ගන්නා අතරම කුවින්, බිෂොප් සහ නයිට් ගේ චලන හැකියාව වර්ධනය කර ගන්නව.
2. g4 ??
මෙය චෙස් ක්‍රීඩාවේ දැකිය හැකි වඩාත්ම දෝෂසහගත ඇදීමයි. එය බර්ඩ්ගේ ආරම්භනයේ ඇති ඇදීමක් නොවේ. සුදු ක්‍රීඩකයා කල යුතුව තිබුනේ බර්ඩ්ගේ ආරම්භනයේ දෙවන ඇදීම වන Nf3 ඇදීමයි.
2. ---- Qh4 # (4 වන රූප සටහන)
අනුවනයාගේ මේට් වීමට ගතවන්නේ ඇදීම් වාර දෙකක් පමණයි. (අනුවාදකගේ සටහන: ශ්‍රී ලංකාවේ ආධුනික ක්‍රීඩකයින් අතර මෙය ජනප්‍රියව ඇත්තේ Two moves mate යන නමිනි.)

Advertisement
f2 කොටුවේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගන්නා තවත් තරඟයක් බලමු. මම මේ තරඟය ක්‍රීඩා කලේ වැදගත් චෙස් ක්‍රීඩකයින් හොඳ තරඟ ක්‍රීඩා කරන අන්තර්ජාල චෙස් සමාජයේදීය ( Internet Chess Club - ICC). විවිධ ප්‍රතිවාදී ක්‍රීඩකයින් සමඟ තුන්වතාවක් මෙම තරඟයම මම ක්‍රීඩා කර තිබේ.
සුදු - වුලෙබ්ගර් (Wulebgr- චෙස් ක්‍රීඩාවේදී මා බාවිතා කරන නම)
කළු - මිල්ස් (Miles)
1. e4 e5
2. Nf3 Nc6
3. Bc4 d6
4. Nc3 Bg4
5. Nxe5 Bxd1 ??
6. Bxf7 + Ke7
7. Nd5 # (5 වන රූප සටහන බලන්න)
මෙම තරඟයේ සුදු ක්‍රීඩකයාගේ හතරවන ඇදීම අනතුරකට පැනීමක් වැනි ඇදීමක් මෙන්ම කීහිප විටක්ම එසේ සිදු වූවා. ලබාදුන් ඇම (මෙහිදී කුවින් ඉත්තා) ට ගිජු වී එය හදිස්සියේ අල්ලා ගැනීම වෙනුවට කළු පිල ඇදිය යුත්තේ 5. ---- Nxe5 යන ඇදීමයි. එයින් පසු සුදු පිලේ ප්රහාරයන් අවසන් වන අතර කළු පිල ඉත්තෙකු දිනා ඇත.
( චෙස් තරඟ සටහන් වලදී භාවිතා කරන සමහර සංකේත වලට චෙස් ක්‍රීඩාවට සුවීශේෂ වූ අර්ථයන් පවතී. ලොව පුරා සිටින සියළු චෙස් ක්‍රීඩකයන් එම සංකේත වල අර්ථයන් හඳුනනවා. ඒවා කිහිපයක් මෙහි දැක්වේ. ! විශිෂ්ඨ ඇදීමක්, ? අත් වැරදීමක්, !? සැලකිල්ලෙන් සිතා බැලීමට තරම් වටින ඇදීමක්, ?! සැක සහිත ඇදීමක්, ?? බලවත් වැරදීමක්.)

මෙම මේට් කිරීම (5 වන රූපසටහනේ දක්වා ඇති මේට් කිරීමේ පිහිටුම) සඳහා ලීගල්ගේ මේට් වීම (Legall’s Mate) යන නම ලබා දී ඇත. එයට හේතුව වන්නේ 1750 දී පමණ නම නොදන්නා ප්‍රතිවාදියෙකුට එරෙහිව ‘කෝමූර් ද ලීගල්’ (Kermur de Legall) විසින් ක්‍රීඩාකල තරඟයක් හේතුවෙනි. එම තරඟය මෙසේය
1. e4 e5
2. Nf3 d6
3. Bc4 Bg4 ?! “බිෂොප්ට පෙර නයිට්වරු වර්ධනය කරන්න” යන්න නෙසලකා හැර ඇත.
4. Nc3 g6 ?
5. Nxe5 ! (6 වන රූප සටහන බලන්න)
5. ---- Bxd1 ??
6. Bxf7+ Ke7
7. Nd5 #
රූප සටහන දෙස බලන්න, කළු පිල ලබා දී ඇති ඇම (මෙහිදී කුවින් ඉත්තා) කපා නොගතහොත් සුදු පිලට පෝන් ඉත්තෙකුගේ වාසියක් හිමිවේ. සුදු පිල නයිට් ප්රදානය කර ඒ වෙනුවට කළු බිෂොප් සහ පෝන් කෙනෙකු දිනා ගන්නා අතරම තම ඉත්තන් තුන් දෙනෙකු වර්ධනය කර ගෙන ඇත. කළු පිලේ කිසිම ඉත්තකු වර්ධනය වී නොමැත. මගේ තරඟයේ අවසාන පිහිටුමට සමාන වුවත් කෝමූර් ද ලීගල් ඔහුගේ තරඟයේ අවධානමක් ගෙන නොමැත.
කළු ක්‍රීඩකයාට තිබුනේ 3. ---- Nf6 ලෙස බිෂොප්ට පෙර නයිට්ව ඉදිරියට ගෙන g4 කොටුව ආරක්ෂා කිරීමේ හැකියාව ලබාගැනීමය. එමෙන්ම, සුදු නයිට් d5 වෙත පැමිණ කළු කිංව චෙක්මේට් කිරීමකට හසුකර ගැනීම, f6 වල සිටින නයිට් d5 කොටුව ආරක්ෂා කිරීම හේතුවෙන් වලකිනව.
දෙවන කොටස නිමි!
(මෙය Wulebgr ගේ Elements of Chess Strategy: Exploiting the Weak f2/f7 Square ලෙස අන්තර්ජාලයේ පලවූ ලිපියෙහි සිංහල අනුවාදය යි. එම ඉංග්‍රීසි ලිපිය මෙතනින් බාගත කරගන්න. මුල් රචකයාගේ වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. )
තුන්වන කොටස මෙතනින් පිවිසෙන්න....